ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ ලැයිස්තුව

ලංකාව පාලනය කළ රාජ වංශ සොයන්න. මහා අධිපතීන් සහ ඔවුන්ගේ උරුමයන් ගැන දැනගන්න.

තම්බපණ්ණි රාජධානිය (ක්‍රි.පූ. 543–505)

විජය රාජවංශය (ක්‍රි.පූ. 543–505)

විජය

ක්‍රි.පූ. 543 – ක්‍රි.පූ. 505

උපත: ? සිංහපුර. සිංහබාහු සහ සිංහසීවලී යුවළගේ පුත්‍රයායි

විවාහයන්: කුවේණි (දරුවන්: ජීවහත්ත හා දිසාලා), පාණ්ඩ්‍ය කුමරියක්

මරණය: ක්‍රි.පූ. 505 තම්බපණ්ණිය

හිමිකම: රාජධානිය පිහිටුවී ය. කුවේණි සමග විවාහ විය.

උපතිස්ස නුවර රාජධානිය (ක්‍රි.පූ. 505–377)

විජය රාජවංශය (ක්‍රි.පූ. 505–377)

උපතිස්ස (අනුරාජ)

ක්‍රි.පූ. 505 – ක්‍රි.පූ. 504

(වසරක අරාජික සමය)

සම්බන්ධතාවය: විජයගේ ප්‍රධාන අමාත්‍යවරයායි.

පණ්ඩුවාසදේව

ක්‍රි.පූ. 504 – ක්‍රි.පූ. 474

සම්බන්ධතාවය: විජයගේ බෑණා ය.

අභය

ක්‍රි.පූ. 474 – ක්‍රි.පූ. 454

සම්බන්ධතාවය: පණ්ඩුවාසදේවගේ පුත්‍රයායි.

තිස්ස (අනුරාජ)

ක්‍රි.පූ. 454 – ක්‍රි.පූ. 437

(වසර දාහතක අරාජික සමය)

සම්බන්ධතාවය: පණ්ඩුවාසදේවගේ දෙවන පුත්‍රයායි. අභයගේ බාල සොහොයුරායි‍.

පණ්ඩුකාභය

ක්‍රි.පූ. 437 – ක්‍රි.පූ. 377

උපත: ක්‍රි.පූ. 474

මරණය: ක්‍රි.පූ. 367

සම්බන්ධතාවය: පණ්ඩුවාසදේවගේ මුණුපුරායි. අභය සහ තිස්සගේ බෑණායි.

අනුරාධපුර රාජධානිය (ක්‍රි.පූ. 377 – ක්‍රි.ව. 1017)

විජය රාජවංශය (ක්‍රි.පූ. 377–237)

පණ්ඩුකාභය

ක්‍රි.පූ. 377 – ක්‍රි.පූ. 367

උපත: ක්‍රි.පූ. 474

මරණය: 367 BC

සම්බන්ධතාවය: පණ්ඩුවාසදේව රජුගේ මුණුපුරායි. අභය හා තිස්සගේ බෑණායි.

මුටසීව

ක්‍රි.පූ. 367 – ක්‍රි.පූ. 307

සම්බන්ධතාවය: පණ්ඩුකාභය රජුගේ පුත්‍රයායි.

දේවානම්පිය තිස්ස

ක්‍රි.පූ. 307 – ක්‍රි.පූ. 267

මරණය: ක්‍රි.පූ. 267

සම්බන්ධතාවය: මුටසීවගේ පුත්‍රයායි.

උත්තිය

ක්‍රි.පූ. 267 – ක්‍රි.පූ. 257

සම්බන්ධතාවය: මුටසීවගේ පුත්‍රයෙකි.

මහාසිව

ක්‍රි.පූ. 257 – ක්‍රි.පූ‍. 247

සම්බන්ධතාවය: මුටසීවගේ පුත්‍රයායි.

සූරතිස්ස

ක්‍රි.පූ. 247 – ක්‍රි.පූ. 237

මරණය: ක්‍රි.පූ. 237

සම්බන්ධතාවය: පණ්ඩුකාභයගේ පුත්‍රයායි.

සේන සහ ගුත්තික (ක්‍රි.පූ. 237–215)

සේන සහ ගුත්තික

ක්‍රි.පූ. 237 – ක්‍රි.පූ. 215

හිමිකම: සටනේ දී සූරතිස්ස රජුව පරාජය කළේ ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 215–205)

අසේල

ක්‍රි.පූ. 215 – ක්‍රි.පූ. 205

උපත: ? මුටසීව රජුගේ පුත්‍රයෙකි.

මරණය: ක්‍රි.පූ. 205 අනුරාධපුර

හිමිකම: මුටසීව රජුගේ පුත්‍රයෙකි.

එළාර (ක්‍රි.පූ. 205–161)

එළාර

ක්‍රි.පූ. 205 – ක්‍රි.පූ. 161

උපත: ක්‍රි.පූ. 235 චෝළ අධිරාජ්‍යය

මරණය: ක්‍රි.පූ. 161 අනුරාධපුර

හිමිකම: සටනේ දී අසේල රජුව පැරදවී ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 161–103)

මහා දුට්ඨගාමිණී අභය (හෙවත් දුට්ඨගාමිණී හෝ දුටුගැමුණු)

ක්‍රි.පූ. 161 – ක්‍රි.පූ. 137

සම්බන්ධතාවය: එළාර රජුව පැරදවී ය. කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයායි. මුලින් රුහුණේ පාලකයා විය.

සද්ධාතිස්ස

ක්‍රි.පූ. 137 – ක්‍රි.පූ. 119

සම්බන්ධතාවය: දුටුගැමුණු රජුගේ සොහොයුරායි.

තුලත්ථන (තුල්නා)

ක්‍රි.පූ. 119 – ක්‍රි.පූ. 119

සම්බන්ධතාවය: සද්ධාතිස්සගේ දෙවන පුත්‍රයායි.

ලංජතිස්ස

ක්‍රි.පූ. 119 – ක්‍රි.පූ. 109

සම්බන්ධතාවය: තුලත්ථන රජුගේ වැඩිමහල් සොහොයුරායි. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල්ම පුත්‍රයායි.

ඛల్ලාඨනාග (කලුන්නා)

ක්‍රි.පූ. 109 – ක්‍රි.පූ. 104

සම්බන්ධතාවය: ලංජතිස්ස රජුගේ සොහොයුරායි. සද්ධාතිස්සගේ තෙවන පුත්‍රයායි.

වට්ටගාමිණී අභය (හෙවත් වළගම්බාහු I / වළගම්බා)

ක්‍රි.පූ. 104 – ක්‍රි.පූ. 103

සම්බන්ධතාවය: සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.

පංච ද්‍රවිඩයන් (ක්‍රි.පූ. 103–89)

පුලහත්ථ

ක්‍රි.පූ. 103 – ක්‍රි.පූ. 100

සම්බන්ධතාවය: දමිළ ප්‍රධානියෙකි.

බාහිය

ක්‍රි.පූ. 100 – ක්‍රි.පූ. 98

සම්බන්ධතාවය: පුලහත්ථගේ ප්‍රධාන අමාත්‍යවරයායි.

පනයමාර

ක්‍රි.පූ. 98 – ක්‍රි.පූ. 91

සම්බන්ධතාවය: බාහියගේ අග්‍රාමාත්‍යවරයායි.

පිළයමාර

ක්‍රි.පූ. 91 – ක්‍රි.පූ. 90

සම්බන්ධතාවය: පනයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.

දාඨික

ක්‍රි.පූ. 90 – ක්‍රි.පූ. 88

සම්බන්ධතාවය: පිළයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.

විජය රාජවංශය (ක්‍රි.පූ. 89 – ක්‍රි.ව. 66)

වට්ටගාමිණී අභය (හෙවත් වළගම්බාහු / වළගම්බා)

ක්‍රි.පූ. 89 – ක්‍රි.පූ. 76

සම්බන්ධතාවය: සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.

මහාචූලි මහාතිස්ස

ක්‍රි.පූ. 76 – ක්‍රි.පූ. 62

සම්බන්ධතාවය: ඛල්ලාටනාග රජුගේ පුත්‍රයායි. වළගම්බා රජුගේ බෑණා සහ හදාගත් පුත්‍රයායි.

චෝරනාග (මහානාග)

ක්‍රි.පූ. 62 – ක්‍රි.පූ. 50

සම්බන්ධතාවය: වළගම්බා රජුගේ පුත්‍රයායි. මහාචූලි මහාතිස්සගේ ඥාති සොහොයුරායි.

කුඩා තිස්ස

ක්‍රි.පූ. 50 – ක්‍රි.පූ. 47

සම්බන්ධතාවය: මහාචූලි මහාතිස්ස රජුගේ පුත්‍රයායි.

සිව I

ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47

වටුක

ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47

දාරුභාතික තිස්ස

ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47

නීලිය

ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 47

අනුලා රැජින

ක්‍රි.පූ. 47 – ක්‍රි.පූ. 42

සම්බන්ධතාවය: චෝරනාග සහ කුඩාතිස්සගේ වැන්දඹුවයි.

කූටකණ්ණ තිස්ස

ක්‍රි.පූ. 42 – ක්‍රි.පූ. 20

සම්බන්ධතාවය: කුඩා තිස්සගේ සොහොයුරායි. මහාචූලි මහාතිස්ස රජුගේ දෙවන පුත්‍රයායි.

භාතිකාභය අභය

ක්‍රි.පූ. 20 – ක්‍රි.ව. 9

සම්බන්ධතාවය: කූටකණ්ණ තිස්ස රජුගේ පුත්‍රයායි.

මහාදාඨික මහානාග

9 – 21

සම්බන්ධතාවය: භාතික අභය රජුගේ සොහොයුරායි.

අමණ්ඩගාමිණී අභය

21 – 30

සම්බන්ධතාවය: මහාදාඨික මහානාග රජුගේ පුත්‍රයායි.

කණිරජානු තිස්ස

30 – 33

සම්බන්ධතාවය: අමණ්ඩගාමිණී අභය රජුගේ සොහොයුරායි.

චූලාභය

33 – 35

සම්බන්ධතාවය: අමණ්ඩගාමිණී අභය රජුගේ පුත්‍රයායි.

සීවලී රැජින

35 – 35

සම්බන්ධතාවය: චූලාභය රජුගේ සොයුරියයි.

අරාජික සමය

35 – 38

ඉලනාග (එලන්නා)

38 – 44

සම්බන්ධතාවය: සීවලී රැජිනගේ බෑණා ය.

චන්දමුඛ

44 – 52

සම්බන්ධතාවය: ඉලනාගගේ පුත්‍රයායි.

යසලාලක

52 – 60

සම්බන්ධතාවය: චන්දමුඛසිව රජුගේ බාල සොහොයුරායි.

සුභරාජ (හෙවත් සුභ)

60 – 66

සම්බන්ධතාවය: යසලාලකතිස්ස රජුගේ දොරටුපාලකයායි.

I වන ලම්බකර්ණ රාජවංශය (66–436)

වසභ

66 – 110

සම්බන්ධතාවය: ලම්බකර්ණ වංශයේ සාමාජිකයෙකි.

වංකනාසික තිස්ස

110 – 113

සම්බන්ධතාවය: වසභ රජුගේ පුත්‍රයායි.

ගජබාහු I

113 – 135

සම්බන්ධතාවය: වංකනාසික තිස්ස රජුගේ පුත්‍රයායි.

මහල්ලකනාග

135 – 141

සම්බන්ධතාවය: Iවන ගජබාහුගේ මාමණ්ඩියයි.

භාතික තිස්ස

141 – 165

සම්බන්ධතාවය: මහල්ලකනාගගේ පුත්‍රයායි.

කනිට්ඨතිස්ස

165 – 193

සම්බන්ධතාවය: භාතිකතිස්ස රජුගේ බාල සොහොයුරායි.

චූලනාග (හෙවත් ඛුජ්ජනාග)

193 – 195

සම්බන්ධතාවය: කනිට්ඨතිස්සගේ පුත්‍රයායි.

කුඩානාග (හෙවත් කුංචනාග)

195 – 196

සම්බන්ධතාවය: චූල නාගගේ සොහොයුරායි.

සිරිනාග I

196 – 215

සම්බන්ධතාවය: කුඩා නාගගේ මස්සිනායි.

වෝහාරිකතිස්ස (හෙවත් වීර තිස්ස / වෝහාරකතිස්ස)

215 – 237

සම්බන්ධතාවය: Iවන සිරිනාගගේ පුත්‍රයායි.

අභයනාග

237 – 245

සම්බන්ධතාවය: වෝහාරකතිස්ස‍ගේ සොහොයුරායි.

සිරිනාග II

245 – 247

සම්බන්ධතාවය: වෝහාරකතිස්සගේ පුත්‍රයායි.

විජය කුමාර

247 – 248

සම්බන්ධතාවය: IIවන සිරිනාගගේ පුත්‍රයායි.

සංඝතිස්ස I

248 – 252

සම්බන්ධතාවය: ලම්බකර්ණ වංශිකයෙකි.

සිරි සංඝබෝධි I (හෙවත් සිරි සඟබෝ)

252 – 254

සම්බන්ධතාවය: ලම්බකර්ණ වංශිකයෙකි.

ගෝඨාභය

254 – 267

සම්බන්ධතාවය: රාජ්‍ය අමාත්‍යවරයායි. ලම්බකර්ණ වංශිකයෙකි.

ජෙට්ඨතිස්ස I (හෙවත් දෙටුතිස් I)

267 – 277

සම්බන්ධතාවය: ගෝඨාභයගේ වැඩිමහල් පුත්‍රයායි.

මහාසේන

277 – 304

සම්බන්ධතාවය: ජෙට්ඨතිස්සගේ සොහොයුරායි. ගෝඨාභයගේ බාල පුත්‍රයායි.

සිරිමේඝවණ්ණ

304 – 332

සම්බන්ධතාවය: මහාසේනගේ පුත්‍රයායි.

ජෙට්ඨ තිස්ස II

332 – 341

සම්බන්ධතාවය: සිරිමේඝවණ්ණගේ සොහොයුරායි.

බුද්ධදාස

341 – 370

සම්බන්ධතාවය: IIවන ජෙට්ඨතිස්සගේ පුත්‍රයායි.

උපතිස්ස I

370 – 412

සම්බන්ධතාවය: බුද්ධදාස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.

මහානාම

412 – 434

සම්බන්ධතාවය: Iවන උපතිස්සගේ සොහොයුරායි.

සොත්ථිසේන

434 – 434

සම්බන්ධතාවය: මහානාම රජුගේ දෙමළ බිසවකගේ පුත්‍රයායි.

ඡත්තගාහක ජන්තු (හෙවත් ඡත්තගාහක)

434 – 435

සම්බන්ධතාවය: මහානාම රජුගේ සිංහල රැජිනගේ දියණිය වූ සංඝාගේ සැමියායි.

මිත්තසේන

435 – 436

සම්බන්ධතාවය: සිහසුන පැහැරගත්තෙකි.

ෂඩ් ද්‍රවිඩයින් (436–463)

පණ්ඩු

436 – 441

සම්බන්ධතාවය: පාණ්ඩ්‍ය ආක්‍රමණිකයෙකි.

පාරින්ද

441 – 441

සම්බන්ධතාවය: පණ්ඩුගේ පුත්‍රයායි.

ඛුද්ද පාරින්ද

441 – 447

සම්බන්ධතාවය: පණ්ඩුගේ බාල සොහොයුරායි.

තිරිතර

447 – 447

සම්බන්ධතාවය: සිව්වන දෙමළ පාලකයායි.

දාඨිය

447 – 450

සම්බන්ධතාවය: පස්වන දෙමළ පාලකයායි.

පීඨිය

450 – 452

සම්බන්ධතාවය: සයවන දෙමළ පාලකයායි.

මෝරිය රාජවංශය (463–691)

ධාතුසේන

463 – 479

සම්බන්ධතාවය: මාහානාමගේ දියණිය වූ සංඝාගේ පුත්‍රයායි. 27 වසරක පාණ්ඩ්‍ය පාලනයෙන් අනුරාධපුරය මුදා ගත්තේ ය.

කාශ්‍යප I (සීගිරියේ)

479 – 497

සම්බන්ධතාවය: පල්ලව බිසවකට දාව උපන් ධාතුසේන රජුගේ පුත්‍රයෙකි. (සිහසුන පැහැරගැනීම)

මොග්ගල්ලාන I

497 – 515

සම්බන්ධතාවය: ධාතුසේනගේ පුත්‍රයායි. කාශ්‍යපගේ සොහොයුරායි.

කුමාර ධාතුසේන

515 – 524

සම්බන්ධතාවය: මොග්ගල්ලානගේ පුත්‍රයායි.

කිත්තිසේන

524 – 524

සම්බන්ධතාවය: කුමාර ධාතුසේනගේ පුත්‍රයායි.

සිව II

524 – 525

සම්බන්ධතාවය: කීර්ති සේනගේ මාමණ්ඩියයි.

උපතිස්ස II

525 – 526

සම්බන්ධතාවය: කුමාර ධාතුසේනගේ බෑණායි.

සිලාකාල අම්බසාමණේර

526 – 539

සම්බන්ධතාවය: ලම්බකර්ණ පෙළපතේ කුමරෙකි.

දාඨාපභූති

539 – 540

සම්බන්ධතාවය: සිලාකාලගේ දෙවන පුත්‍රයායි.

මොග්ගල්ලාන II

540 – 560

සම්බන්ධතාවය: දාඨාපතිස්සගේ වැඩිමහල් සොයුරායි.

කිත්තිසිරි මේඝවණ්ණ

560 – 561

සම්බන්ධතාවය: IIවන මොග්ගල්ලානගේ පුත්‍රයායි.

මහානාග

561 – 564

සම්බන්ධතාවය: දාඨාපතිස්ස රජුගේ යුධ අමාත්‍යවරයායි.

අග්ගබෝධි I

564 – 598

සම්බන්ධතාවය: මහානා‍ගගේ සොහොයුරෙකි‍. මහානාග රජුගේ බෑණා සහ උප-රජු විය.

අග්ගබෝධි II

598 – 608

සම්බන්ධතාවය: Iවන අග්ගබෝධිගේ බෑණා සහ ඥාති පුත්‍රයායි.

සංඝතිස්ස II

608 – 608

සම්බන්ධතාවය: IIවන අග්ගබෝධිගේ සොහොයුරා සහ අසිපත්ධාරියා විය.

මොග්ගල්ලාන III

608 – 614

සම්බන්ධතාවය: IIවන අග්ග‍බෝධි රජ සමයේ ප්‍රධාන සෙන්පතියා විය.

සිලාමේඝවණ්ණ

614 – 623

සම්බන්ධතාවය: මොග්ගල්ලාන රජුගේ අසිපත්ධාරියායි.

අග්ගබෝධි III

623 – 623

සම්බන්ධතාවය: සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.

ජෙට්ඨතිස්ස III

623 – 624

සම්බන්ධතාවය: සංඝතිස්ස රජුගේ පුත්‍රයායි.

අග්ගබෝධි III (ප්‍රතිෂ්ඨාපිත)

624 – 640

සම්බන්ධතාවය: සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.

දාඨෝපතිස්ස I (හත්ථදාඨ)

640 – 652

සම්බන්ධතාවය: ජෙට්ඨතිස්ස (දාඨාසිව) රජුගේ සෙන්පතියෙකි.

කස්සප II

652 – 661

සම්බන්ධතාවය: IIවන අග්බෝගේ සොහොයුරායි. දාඨෝපතිස්ස රජුගේ උප-රජෙකි.

Iවන දප්පුල

661 – 664

සම්බන්ධතාවය: සිලාමේඝවණ්ණගේ බෑණායි.

IIවන දාඨෝපතිස්ස

664 – 673

මරණය: 673

සම්බන්ධතාවය: Iවන දාඨෝපතිස්ස (හත්ථදාඨ) රජුගේ ඥාති පුත්‍රයායි.

IVවන අග්ගබෝධි

673 – 689

සම්බන්ධතාවය: දාඨෝපතිස්සගේ බාල සොහොයුරායි.

උන්හනගර හත්ථදාඨ

691 – 691

සම්බන්ධතාවය: රාජකීය පෙළපතේ ප්‍රධානියකු වූ මොහුව සිහසුනට පත්කරන ලද්දේ ධනවත් දෙමළ නිලධාරියකු විසිනි.

II වන ලම්බකර්ණ රාජවංශය (691–1017)

මානවම්ම

691 – 726

සම්බන්ධතාවය: IIවන කස්සපගේ පුත්‍රයායි. සිලාමේඝවණ්ණගෙන් පැවතෙන්නෙකි.

Vවන අග්ගබෝධි

726 – 732

සම්බන්ධතාවය: මානවම්මගේ පුත්‍රයෙකි.

IIIවන කස්සප

732 – 738

සම්බන්ධතාවය: Vවන අග්ගබෝධිගේ සොහොයුරායි.

Iවන මහින්ද

738 – 741

සම්බන්ධතාවය: IIIවන කස්සපගේ ‍බාල සොහොයුරායි.

VIවන අග්ගබෝධි

741 – 781

සම්බන්ධතාවය: IIIවන කස්සපගේ පුත්‍රයායි.

VIIවන අග්ගබෝධි (පොළොන්නරුවේ සිට)

781 – 787

සම්බන්ධතාවය: මහින්දගේ පුත්‍රයෙකි.

IIවන මහින්ද (සිලාමේඝ)

787 – 807

සම්බන්ධතාවය: VIවන අග්ගබෝධිගේ පුත්‍රයායි.

IIවන දප්පුල

807 – 812

සම්බන්ධතාවය: IIවන මහින්දගේ පුත්‍රයායි. IIවන මහින්දගේ උප-රජෙකි.

IIIවන මහින්ද

812 – 816

සම්බන්ධතාවය: IIවන දප්පුලගේ පුත්‍රයායි.

VIIIවන අග්ගබෝධි

816 – 827

සම්බන්ධතාවය: IIIවන මහින්දගේ සොහොයුරායි.

IIIවන දප්පුල

827 – 843

සම්බන්ධතාවය: VIIIවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.

IXවන අග්ගබෝධි

843 – 846

සම්බන්ධතාවය: IIIවන දප්පුලගේ පුත්‍රයායි.

Iවන සේන

846 – 866

සම්බන්ධතාවය: IXවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.

IIවන සේන

866 – 901

සම්බන්ධතාවය: Iවන සේනගේ බෑණායි. කස්සපගේ පුත්‍රයායි.

Iවන උදය

901 – 912

සම්බන්ධතාවය: IIවන සේනගේ උප-රජෙකි.

IVවන කස්සප

912 – 929

සම්බන්ධතාවය: IIවන සේනගේ පුත්‍රයායි. Iවන උදයගේ උප-රජෙකි.

Vවන කස්සප

929 – 939

සම්බන්ධතාවය: IVවන කස්සපගේ පුත්‍රයායි.

IVවන දප්පුල

939 – 940

සම්බන්ධතාවය: Vවන කාස්සපගේ පුත්‍රයායි.

Vවන දප්පුල

940 – 952

සම්බන්ධතාවය: IVවන දප්පුලගේ සොහොයුරායි.

IIවන උදය

952 – 955

සම්බන්ධතාවය: IIවන සේනගේ බෑණායි. Vවන දප්පුලගේ උප-රජෙකි.

IIIවන සේන

955 – 964

සම්බන්ධතාවය: IIවන උදයගේ සොහොයුරායි.

IIIවන උදය

964 – 972

සම්බන්ධතාවය: IIIවන සේනගේ උප-රජෙකි (රජුගේ හොඳම මිතුරෙකි)

IVවන සේන

972 – 975

සම්බන්ධතාවය: Vවන කස්සපගේ පුත්‍රයායි. IIIවන උදයගේ උප-රජෙකි.

IVවන මහින්ද

975 – 991

සම්බන්ධතාවය: IVවන සේනගේ සොහොයුරායි. IIIවන උදයගේ බෑණායි. සේනගේ උප-රජෙකි.

Vවන සේන

991 – 1001

සම්බන්ධතාවය: IVවන මහින්දගේ පුත්‍රයායි.

Vවන මහින්ද

1001 – 1017

මරණය: 1029

සම්බන්ධතාවය: Vවන සේනගේ බාල සොහොයුරායි. (පලාගොස් රුහුණ පාලනය කළේ ය; 1017දී පමණ පිටුවහල් කරන ලදී)

චෝළ ග්‍රහණයට නතු වූ අනුරාධපුර (1017–1070)

චෝළ රාජවංශය (1017–1070)

Iවන රාජේන්ද්‍ර චෝළ

1017 – 1044

මරණය: 1044

සම්බන්ධතාවය: Iවන රාජ රාජ චෝළ රජුගේ පුත්‍රයායි. යටත් කරගත් ප්‍රදේශ චෝළ අධිරාජ්‍යයේ පළාතක් බවට පත්කරන ලදී.

රාජාධිරාජ චෝළ

1018 – 1054

මරණය: 1054

සම්බන්ධතාවය: රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.

IIවන රාජේන්ද්‍ර චෝළ

1051 – 1063

මරණය: 1063

සම්බන්ධතාවය: රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.

වීරරාජේන්ද්‍ර චෝළ

1063 – 1070

මරණය: 1070

සම්බන්ධතාවය: රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.

අතිරාජේන්ද්‍ර චෝළ

1067 – 1070

මරණය: 1070

සම්බන්ධතාවය: වීරරාජේන්ද්‍ර චෝළගේ පුත්‍රයෙකි.

පොළොන්නරු රාජධානිය (1056–1236)

විජයබාහු රාජවංශය (1056–1187)

I වන විජයබාහු

1056 – 1111

සම්බන්ධතාවය: සිංහල රාජකීය පවුලේ සාමාජිකයෙකි.

I වන ජයබාහු (පොළොන්නරුව සහ රුහුණ)

1110 – 1111

සම්බන්ධතාවය: Iවන විජයබාහුගේ සොහොයුරායි. Iවන විජයබාහුගේ අග්‍රාමාත්‍යවරයා ද විය.

I වන වික්‍රමබාහු

1111 – 1132

මරණය: 1132

සම්බන්ධතාවය: Iවන විජයබාහුගේ පුත්‍රයායි.

II වන ගජබාහු

1131 – 1153

සම්බන්ධතාවය: Iවන වික්‍රමබාහුගේ පුත්‍රයායි.

I වන පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු)

1153 – 1186

උපත: 1123

මරණය: 1186

සම්බන්ධතාවය: Iවන විජයබාහුගේ මුණුපුරායි.

II වන විජයබාහු

1186 – 1187

මරණය: 1187

සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහුගේ බෑණායි.

VI වන මහින්ද

1187 – 1187

සම්බන්ධතාවය: කාලිංග වංශිකයෙකි.

කාලිංග රාජවංශය (1187–1197)

නිශ්ශංකමල්ල

1187 – 1196

උපත: 1157 or 1158

මරණය: 1196

සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙකි.

Iවන වීරබාහු

1196 – 1196

සම්බන්ධතාවය: නිශ්ශංකමල්ලගේ පුත්‍රයායි.

IIවන වික්‍රමබාහු

1196 – 1196

සම්බන්ධතාවය: නිශ්ශංකමල්ලගේ බාල සොහොයුරායි.

චෝඩගංග

1196 – 1197

සම්බන්ධතාවය: නිශ්ශංකමල්ලගේ බෑණායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1197–1200)

ලීලාවතී රැජින

1197 – 1200

සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

කාලිංග රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1200–1209)

සහස්සමල්ල

1200 – 1202

සම්බන්ධතාවය: නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරායි.

කල්‍යාණවතී රැජින

1202 – 1208

සම්බන්ධතාවය: නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසියයි

ධර්මාශෝක

1208 – 1209

සම්බන්ධතාවය: අයස්මන්ත විසින් කල්‍යාණවතී රැජින ධුරයෙන් පහකොට මොහුව සිහසුනට පත්කරන ලදී.

අනිකංග

1209 – 1209

සම්බන්ධතාවය: ධර්මාශෝකගේ පියායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1209–1210)

ලීලාවතී (1වන ප්‍රතිෂ්ඨාපනය)

1209 – 1210

සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

ලෝකිස්සර (1210–1211)

ලෝකිස්සර

1210 – 1211

සම්බන්ධතාවය: දෙමළ හමුදා නායකයෙකි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1211–1212)

ලීලාවතී (2වන ප්‍රතිෂ්ඨාපනය)

1211 – 1212

සම්බන්ධතාවය: Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

පාණ්ඩ්‍ය රාජවංශය (1212–1215)

II වන පරාක්‍රම පාණ්ඩ්‍ය

1212 – 1215

සම්බන්ධතාවය: පාණ්ඩ්‍ය රජෙකි.

නැගෙනහිර ගංග රාජවංශය (1215–1236)

කාලිංග මාඝ

1215 – 1236

සම්බන්ධතාවය: කාලිංගයේ කුමරෙකි.

දඹදෙණිය රාජධානිය (1220–1345)

සිරි සඟ බෝ රාජවංශය (1220–1345)

IIIවන විජයබාහු

1220 – 1224

සම්බන්ධතාවය: සිංහල රාජකීය රුධිර පෙළපතේ දේශප්‍රේමී කුමරෙකි.

IIවන පරාක්‍රමබාහු

1234 – 1269

සම්බන්ධතාවය: IIIවන විජයබාහුගේ වැඩිමහල් පුත්‍රයායි.

IVවන විජයබාහු

1267/8 – 1270 ඔක්තෝබර්

මරණය: 1270 ඔක්තෝබර්

සම්බන්ධතාවය: IIවන පණ්ඩිත පරාක්‍රමබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.

Iවන බුවනෙකබාහු (යාපහුවේ සිට)

1271 – 1283

සම්බන්ධතාවය: IVවන විජයබාහුගේ සොහොයුරායි.

අරාජික සමය

1283 – 1302

IIIවන පරාක්‍රමබාහු (පොළොන්නරුවේ සිට)

1302 – 1310

සම්බන්ධතාවය: Iවන බුවනෙකබාහුගේ බෑණායි. IVවන විජයබාහුගේ පුත්‍රයායි.

IIවන බුවනෙකබාහු (කුරුණෑගල සිට)

1310 – 1325/6

සම්බන්ධතාවය: Iවන ුබවනෙකබාහුගේ පුත්‍රයායි. IIIවන පරාක්‍රමබාහුගේ ඥාති සොහොයුරායි.

IVවන පරාක්‍රමබාහු (කුරුණෑගල සිට)

1325/6 – 1325/6

සම්බන්ධතාවය: IIවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.

IIIවන බුවනෙකබාහු (කුරුණෑගල සිට)

1325/6 – 1325/6

සම්බන්ධතාවය: වන්නි බුවනෙකබාහු ලෙස ද හැඳින්වේ.

Vවන විජයබාහු (කුරුණෑගල සිට)

1325/6 – 1344/5

සම්බන්ධතාවය: යාපාපටුනේ චන්ද්‍ර බානුගේ දෙවන පුත්‍රයායි.

ගම්පොළ රාජධානිය (1345–1412)

සිරි සඟ බෝ රාජවංශය (1345–1412)

IVවන බුවනෙකබාහු

1344/5 – 1353/4

සම්බන්ධතාවය: Vවන විජයබාහුගේ පුත්‍රයායි.

Vවන පරාක්‍රමබාහු (දැදිගම සිට)

1344/5 – 1359

උපත: 1311

සම්බන්ධතාවය: Vවන විජයබාහුගේ පුත්‍රයායි. IVවන බුවනෙකබාහුගේ සොහොයුරායි.

IIIවන වික්‍රමබාහු

1357 – 1374

සම්බන්ධතාවය: IVවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.

Vවන බුවනෙකබාහු

1372/3 – 1391/2

සම්බන්ධතාවය: නිශ්ශංක අලකේශ්වරට දාව IIIවන වික්‍රමබාහුගේ සොයුරියට උපන් පුත්‍රයායි.

IIවන වීරබාහු

1391/2 – 1397

සම්බන්ධතාවය: Vවන බුවනෙකබාහු රජුගේ මස්සිනායි.

IIවන වීරබාහුගේ පුත්‍රයෙක්

1397 – 1397

IIවන වීරබාහුගේ පුත්‍රයෙක්

1397 – 1397

වීර අලකේශ්වර (හෙවත් විජයබාහු VI)

1397 – 1409

පරාක්‍රමබාහු ඈපා

1409 – 1412

සම්බන්ධතාවය: IVවන බුවනෙකබාහු රජුගේ අමාත්‍යවරයකු වූ සේනාලංකාධිකාර සෙනෙවිරත්ගේ මුණුපුරායි.

කෝට්ටේ රාජධානිය (1412–1597)

සිරි සඟ බෝ රාජවංශය (1412–1597)

VIවන පරාක්‍රමබාහු

1412 – 1467

සම්බන්ධතාවය: VIවන විජයබාහු රජුගේ සහ සුනේත්‍රා දේවි රැජිනගේ පුත්‍රයායි. එසේ නොවේ නම් යාපා පටුනේ චන්ද්‍ර බානුගේ තෙවන පුත්‍රයා විය හැක.

IIවන ජයබාහු (වීර පරාක්‍රමබාහු VII)

1467 – 1472

සම්බන්ධතාවය: VIවන පරාක්‍රමබාහු රජුගේ සත්‍ය දියණිය වූ උලකුඩය දේවියගේ පුත්‍රයායි.

VIවන බුවනෙකබාහු (හෙවත් සපුමල් කුමාරයා)

1472 – 1480

සම්බන්ධතාවය: VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.

VIIවන පරාක්‍රමබාහු

1480 – 1484

VIIIවන පරාක්‍රමබාහු

1484 – 1518

සම්බන්ධතාවය: අම්බුලුගල කුමාරයායි. VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයෙකි.

IXවන ධර්ම පරාක්‍රමබාහු (කැලණියෙහි)

1509 – 1528

සම්බන්ධතාවය: VIIIවන වීර පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.

VIIවන විජයබාහු

1509 – 1521

මරණය: 1521

සම්බන්ධතාවය: IXවන ධර්ම පරාක්‍රමබාහුගේ සොහොයුරායි. මැණික් කඩවරහි රජු විය.

VIIවන බුවනෙකබාහු

1521 – 1551

මරණය: 1551

සම්බන්ධතාවය: විජයබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.

ධර්මපාල (හෙවත් දොන් ජුවන් ධර්මපාල)

1551 – 1597 මැයි 27

මරණය: 1597 මැයි 27

සම්බන්ධතාවය: VIIවන බුවනෙකබාහුගේ මුණුපුරා මෙන්ම උරුමකරුවා ද විය.

සීතාවක රාජධානිය (1521–1593)

සිරි සඟබෝ රාජවංශය (1521–1593)

මායාදුන්නේ

1521 – 1581

උපත: 1501

මරණය: 1581

සම්බන්ධතාවය: VIIවන බුවනෙකබාහුගේ සොහොයුරායි. VIIවන විජයබාහුගේ පුත්‍රයායි.

I වන රාජසිංහ (හෙවත් ටිකිරි බණ්ඩා)

1581 – 1593

උපත: 1544

මරණය: 1593

සම්බන්ධතාවය: මායාදුන්නේගේ පුත්‍රයායි.

මහනුවර රාජධානිය (1590–1815)

දිනරාජ රාජවංශය (1590–1739)

Iවන විමලධර්මසූරිය (හෙවත් ඔස්ට්‍රියාවේ දොන් ජුවාන්)

1590 – 1604

මරණය: 1604

සම්බන්ධතාවය: විජයසුන්දර බණ්ඩාරගේ පුත්‍රයායි.

සෙනරත්

1604 – 1635

මරණය: 1635

සම්බන්ධතාවය: Iවන විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරායි.

IIවන රාජසිංහ

1635 – 1687 නොවැම්බර් 25

උපත: 1608

මරණය: 1687 දෙසැම්බර් 6

සම්බන්ධතාවය: සෙනරත් රජුගේ සහ දෝන කැතරිනා බිසව‍ගේ පුත්‍රයායි.

IIවන විමලධර්මසූරිය

1687 – 1707 ජූනි 4

මරණය: 1707 ජූනි 4

සම්බන්ධතාවය: IIවන රාජසිංහ රජුගේ පුත්‍රයායි.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

1707 ජූනි 4 – 1739 මැයි 13

උපත: 1690

මරණය: 1739 මැයි 13

සම්බන්ධතාවය: IIවන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි.

මහනුවර නායක්කර් රාජවංශය (1739–1815)

ශ්‍රී විජය රාජසිංහ

1739 මැයි 13 – 1747 අගෝස්තු 11

උපත: ? මදුරෛ, මදුරෛ නායක් රාජවංශය. පිට්ටි නායක්කර්ගේ පුත්‍රයායි.

විවාහ: මදුරෛ භාර්යාවන් 1

මරණය: 1747 අගෝස්තු 11 මහනුවර

අයිතිය: වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මස්සිනායි.

කීර්ති ශ්‍රී රාජසිංහ

1747 අගෝස්තු 11 – 1782 ජනවාරි 2

උපත: 1734 මදුරෛ, මදුරෛ නායක් රාජවංශය. නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.

විවාහ: මදුරෛ බිසෝවරුන් 6, යකඩ දෝලි (පුත්‍රයින් 2, දියණියන් 6)

මරණය: 1782 ජනවාරි 2 මහනුවර

අයිතිය: ශ්‍රී විජය රාජසිංහ රජුගේ මස්සිනායි.

ශ්‍රී රාජාධි රාජසිංහ

1782 ජනවාරි 2 – 1798 ජූලි 26

උපත: ? මදුරෛ. නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.

විවාහ: උපේන්ද්‍රම්මා රැජින

මරණය: 1798 ජූලි 26 මහනුවර

අයිතිය: කීර්ති ශ්‍රී රාජසිංහගේ සොහොයුරායි.

ශ්‍රී වික්‍රම රාජසිංහ (හෙවත් IVවන රාජසිංහ; කන්නසාමි)

1798 ජූලි 26 – 1815 මාර්තු 5

උපත: 1780 මදුරෛ. ශ්‍රී වෙන්කට පෙරුමාල් සහ සුබ්බම්මා නායකගේ පුත්‍රයායි.

විවාහ: භාර්යාවන් 4 (දරුවන් 3)

මරණය: 1832 ජනවාරි 30 වෙල්ලෝර් බලකොටුව, ඉන්දියාව

අයිතිය: ශ්‍රී රාජාධි රාජසිංහගේ බෑණායි.

සම්පූර්ණ දිවයිනම යටත්විජිතයක් වීම

බ්‍රිතාන්‍ය පාලනය (1815 සිට)

තුන්වන ජෝර්ජ් රජ

1815 සිට

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, දිවයින බ්‍රිතාන්‍ය රජු වූ තුන්වන ජෝර්ජ් රජතුමා රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ලදී.

මෙලෙසින් වසර 2350 කට අධික කාලයක් පැවති රාජාණ්ඩුව අවසන් විය.

රාජධානිය නැවත පිහිටුවීම

ලංකා ඩොමීනියන් රාජ්‍යය (1948–1972)

ලංකාව

1948 – 1972

වසර 133 අධික බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1948 පෙබරවාරි 4 දින නිදහස ලබා නැවතත් ලංකා නමින්, රාජධානිය යලි පිහිටවීය.

ක්‍රි.ව. 1972 මැයි 22 ශ්‍රී ලංකා නමින් ජනරජයක් පිහිටුවීමෙන් රාජධානිය අහෝසි විය.